උමාරියාට රිය පැදවීම තහනම් කරයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 1, 2021

උමාරියාට රිය පැදවීම තහනම් කරයි..

රාජගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ ඇප මත මුදා හැර තිබේ. රාජගිරිය ගුවන් පාලම අසලදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබා දී ඇත.

ඇප මත නිදහස් කලද ඇයගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය විසින් නියෝග කර ඇත.

උමාරියා විසින් පදවන ලද මෝටර් රථයේ ගැටුණු ත්‍රීරෝද රථයේ රියදුරු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad