එක්ස්ප්‍රස් පර්ල් පරිසර විනාශය දිගටම… නැවේ අඛණ්ඩ තෙල් කාන්දුවක් - (වීඩියෝ සහිතයි) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 1, 2021

එක්ස්ප්‍රස් පර්ල් පරිසර විනාශය දිගටම… නැවේ අඛණ්ඩ තෙල් කාන්දුවක් - (වීඩියෝ සහිතයි)

ගීලි ගිය එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තෙල් කාන්දුව අඛණ්ඩව පැතිරී යමින් ඇති බව වාර්තා වේ. මේ දැක්වෙන්නේ මීට සතියකට පෙර නැව අවට තෙල් කාන්දුව පැවති ආකාරයයි. මේ වනවිට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) හා ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය (NARA) සිදුවෙමින් ඇති ව්‍යසනය දකිමින් මුණිවත රකින ආකාරය පිළිබඳ එම ආයතන ඇතුළෙන්ම විරෝධය මතුවෙමින් ඇතැයි වාර්තා වේ.

නැවෙන් තෙල් කාන්දුවක් ඇති වූ වහාම ක්‍රියාත්මක වීම සඳහා ජාත්‍යාන්තර විශේෂඥයන් කණ්ඩායමක් සිටින බව මෙම ආයතන විසින් මින් පෙර රටට ප්‍රකාශ කර තිබිණි.

නැව ගිලී ගිය මේ නැව ආශ්‍රිත කලාපය තවමත් තහනම් ප්‍රදේශයක් සේ නම් කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad