කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල පනත නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියට පටහැනි බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පවසනවා.
එම පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ ආරක්‍ෂක අංශවල නීතිරීති හා පාලන ක්‍රම අනුව සාමාන්‍ය සිවිල් ශිෂ්‍යයන් හැසිරවීමට උත්සාහ කිරීම සිය පෙරමුණේ ව්‍යවස්ථාවට අනුවද පටහැනි බවයි.
මෙම කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල පනතට අනුව ඇතුළත්වීම සදහා තෝරාගන්නා වූ පදනම විනිවිදභාවයකින් තොර බවයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
ආණ්ඩුවට විරුද්ධයි
මෙම පනත් කෙටුම්පතේ වගන්ති වෙන වෙනම විග්‍රහ කිරීමට වඩා එහි සමස්ථ බලපෑමද එයින් බැහැරට ඉදිරියට යාමේ මාවතද සිය පෙරමුණ රජයට පෙන්වා දෙන බවද එම පෙරමුණ නිකුත් කළ නිවේදනයේ සදහන්.
මේ අතර කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල පනත සංශෝධනයට ලක් නොකරන්නේ නම් අදාළ ඡන්ද විමසීමේදී ඊට එරෙහිව ඡන්දය භාවිත කිරීමට ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය ඉකුත්දා තීරණය කළා.
එම පක්‍ෂයේ නියෝජ්‍ය සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ සදහන් කළේ පක්‍ෂය ගෙන ඇති මෙම තීරණය සම්බන්ධයෙන් ආණ්ඩු පක්‍ෂ රැස්වීමේදීද දැනුවත් කළ බවයි.
No comments:
Post a Comment