“මම අති උතුම් කාදිනල් තුමාට ඉතාම ගෞරවයෙන් කියා සිටිනවා” - සරත් වීරසේකර - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 19, 2021

“මම අති උතුම් කාදිනල් තුමාට ඉතාම ගෞරවයෙන් කියා සිටිනවා” - සරත් වීරසේකර

පාස්කු ප්‍රහාරය පිළිබඳව කාදිනල් හිමිපාණන්ගේ චෝදනාවට අමාත්‍ය සරත් වීරසේකර ඊයේ පිළිතුරු ලබාදීමට කටයුතු කරනු ලැබුවා.

එහිදී ඔහු කියා සිටියේ මේ වනවිට පුද්ගලයින් 32කට විරුද්ධව නඩු 9ක් පවරා ඇති බව කාදිනල් හිමිපාණන්ට ගෞරවයෙන් යුතුව පවසන බවයි.

එමෙන්ම තවත් 25 දෙනෙකුට විරුද්ධව නඩු පැවරීමට නීතිපතිවරයා විසින් කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

එමෙන්ම ජනාධිපතිවරයා පෞද්ගලිකව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවත් ඒසඳහා සම්පූර්ණ ශක්තිය යොදවන බවද අමාත්‍යවරයා  මෙහිදී කියා සිටියා.


No comments:

Post a Comment

Post Bottom Ad