මහින්ද හදිසියේම ඇෆ්ගනිස්තානයට කෝල් කරයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 19, 2021

මහින්ද හදිසියේම ඇෆ්ගනිස්තානයට කෝල් කරයි!

තලේබාන්වරුන්ගේ පාලනයට යටත් වූ ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපතිවරයෙක් වන හමීඩ් කර්සායි වෙත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් දුරකථන ඇමතුමක් ලබා දී ඇත. ට්විටර් පණිවුඩයක් තබමින් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ ඇෆ්ගනිස්තානයේ ජනතාවට ලංකාවේ අඛණ්ඩ සහාය ලබාදෙන බවට හමීඩ් කර්සායි මහතාට සහතික වූ බවකි.

2001-2014 කාල සමයේ ඇෆ්ගිනිස්ථාන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ කර්සායි මේ වනවිට නව ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් තලේබාන් සටන්කාමීන් සමග සාකච්ජා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad