කුෂිනගර් වඩින්න හිටියේ සාමණේ හිමිවරුන්.. ඔවුන් කපා අනු නායකලා එක්ක ගියා.. මේක පාපයක්.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 23, 2021

කුෂිනගර් වඩින්න හිටියේ සාමණේ හිමිවරුන්.. ඔවුන් කපා අනු නායකලා එක්ක ගියා.. මේක පාපයක්..

ඉන්දියාවේ කුෂිනගර් ගුවන්තොටුපළ විවෘත කිරීමේ උත්සවය සඳහා සහභාගී වීමට තෝරා ගෙන තිබුණේ දිස්ත‍්‍රික්කයකින් දෙනම බැගින් සාමණේර හිමිවරුන් හා ඔවුනගේ දෙමාපියන් බව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී දළුවැටියේ බුද්ධරක්ඛිත හිමියෝ කියා සිටිති.

නමුත් එම තෝරාගත් පිරිස කපා දමා අනුනායක හිමිවරුන් අදාළ සංචාරය සඳහා රැගෙන ගිය බව උන්වහන්සේ කියා සිටිති.

ඉන්දීය චාරිකාව යාම සඳහා සාමණේර හිමිවරුන් ගුවන් ගමන් බලපත්‍ර පවා සාදා විශාල වියදමක් දරා තිබුනු බවත් උන්වහන්සේ සඳහන් කරති.

මෙම කටයුත්ත බරපතළ ප්‍රශ්නයක් වන්නා සේම හා පාපයක් යයිද උන්වහන්සේ කියා සිටිති.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad