රටවල් 110කට ආරාධනා කරපු ලෝක ප්‍රජාතන්ත්‍රවාදී සමුලුවෙන් බයිඩන් ලංකාව හලයි! චීනය-රුසියාවට ආරාධනා කරලත් නෑ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 25, 2021

රටවල් 110කට ආරාධනා කරපු ලෝක ප්‍රජාතන්ත්‍රවාදී සමුලුවෙන් බයිඩන් ලංකාව හලයි! චීනය-රුසියාවට ආරාධනා කරලත් නෑ!

ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබදවක් සමුළුව සදහා රටවල් 110කට ආරාධනා කර ඇති නමුත් ශ‍්‍රී ලංකාවට ආරාධනා කර නැති බව වාර්තා වේ. සමුළුවට ආරාධනා නොලැබුණු රටවල් අතර, ශ‍්‍රී ලංකාවට අමතරව, චීනය සහ රුසියාවද වෙයි.

දකුණු ආසියානු කලාපයේ රටවල් අතර ඉන්දියාව, පාකිස්තානය, නේපාලය සහ නේපාලය වැනි රටවල් වේ.

ආරාධනා ලැබූ රටවල් 110 අතර, පිලිපීනය – තායිවානය සහ මෙක්සිකෝවද සිටියි.

සමුළුව සදහා තායිවානයට ආරාධනා කිරීම පිළිබදව චීනය සිය විරෝධය පළ කර තිබේ.

තායිවානය තමන්ට අයත් භූමියක් ලෙස චීනය සලකයි.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඞ්න්, දෙසැම්බර් 9 සහ 10 යන දිනවල සමුළුවට සහභාගී වේ.

මෙම සමුළුවේ දී ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් මුහුණ දෙන අභියෝග පිළිබදව සාකච්ජා කිරීමට නියමිත ය.

No comments:

Post a Comment

Post Bottom Ad