ආපු නැති 6න් 3ක් කලින්ම කියලා! විදුර ගේමක් ගැහුවාද? - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 22, 2021

ආපු නැති 6න් 3ක් කලින්ම කියලා! විදුර ගේමක් ගැහුවාද?

අයවැය දෙවන වර කියවීමේ ජන්ද විමසුමේදී සභාවේ නොසිටි ආණ්ඩුවේ මැතිඇමැතිවරුන් 6 දෙනාගෙන් තිදෙනකු කල් තියා තමන්ට එම අවස්ථාවට සහභාගී විය නොහැකි බව දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ගාමිණී ලොකුගේ, සමන්ප්‍රිය හේරත් සහ ටිරාන් අලස් යන මැතිඇමැතිවරුන් විවිධ හේතු මත තමන්‌ට එදින පාර්ලිමේන්තුවට‌ පැමිණීමට නොහැකි බව කල් තියා දැනුම් දී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් විදුර වික්‍රමනායක මහතා ජන්දය විමසන අවස්ථාවට මොහොතකට පෙර දැනුම් දී ඇත්තේ තමන් බීඑම්අයිසීඑච් අසල රථවාහන තදබදයට හසුව ඇති බවත්, තව සුලු මොහොතකින් පාර්ලිමේන්තුවට පැමිණෙන බවත්ය.

ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදීම ඒ මහතාට ඇමැතුම් ලබා දුන්නද ඒ කිසිවකටත් අමාත්‍යවරයා පිළිතුරු ලබා දී නොමැති බව දැනගන්නට තිබේ.

පසුව දුරකතනයට පිළිතූරු දී ඇති ඒ මහතා තමන් මේ වනවිට පාර්ලිමේන්තු දොරටුව අසල රථවාහන තදබදයට මැදිව සිටින බව සදහන් කොට තිබේ.

කෙසේවෙතත් විදුර වික්‍රමනායක මහතා ජන්දය විමසා අවසන්ව සුලු මොහොතකට පසු පාර්ලිමේන්තු සභා ගැබට පැමිණ ඇති බවද දැනගන්නට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad