ලෙඩ හොඳ කරගන්න කොළඹ ආපු රන්ජන්ට තවත් ලෙඩක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 22, 2021

ලෙඩ හොඳ කරගන්න කොළඹ ආපු රන්ජන්ට තවත් ලෙඩක්!

රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාදීම සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සතුව තිබී ජංගම දුරකථනයක් සොයාගෙන තිබේ.

අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිට ඔහු වෛද්‍ය උපදෙස් මත දණහිසේ ආබාධයකට ප්‍රතිකාර ගැනීමට කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට ඉදිරිපත් කිරිම සදහා 2021.11.10 වන දින කොළඹ වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරුකෙරුණි.

ඊයේ (21) රාත්‍රී 10ට පමණ බන්ධනාගාර රෝහලේ රාජකාරියේ නිරත නිලධාරීන් විසින් හදිසි සෝදිසි කිරීමක් කළ අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සහ හෑන්ඩ් ෆ්‍රී එකක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් සැකකාර හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා ගොනුකර බන්ධනාගාර ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad