ජනාධිපති සභාපතිලා දෙන්නෙක් රැස්වීමෙන් පන්නා දමයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 22, 2021

ජනාධිපති සභාපතිලා දෙන්නෙක් රැස්වීමෙන් පන්නා දමයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවක දී පොහොර සමාගම් දෙකේ සභාපතිවරුන් දෙදෙනකු එම රැස්වීමෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

මෙරට ගොවිතැනට අවශ්‍ය පොහොර ප‍්‍රමාණය සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔවුන් දෙදෙනා සතුව එම තොරතුරු නැති වීම හේතුවෙන් ජනාධිපතිවරයා ඔවුන් සභාවෙන් ඉවත් කරන ලදී.

සභාවෙන් පිටව ගොස් අදාළ තොරතුරු විමසා දැන ගෙන එන්නැයි ජනාධිපතිවරයා ඔවුනට දැන්වී ය.

එසේ දැන්වීමෙන් පසු සභාවේ ඉදිරිපෙළ අසුන්ගෙන සිටි ඔවුන් සභාවෙන් නැගිට යනු දක්නට ලැබිණි.


No comments:

Post a Comment

Post Bottom Ad