ඇමති ධුරය අතහැරීමට සූදානම් - ඇමති ප‍්‍රියංකර ලිපි දෙකකින් දන්වයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 22, 2021

ඇමති ධුරය අතහැරීමට සූදානම් - ඇමති ප‍්‍රියංකර ලිපි දෙකකින් දන්වයි

තම දිස්ත්‍රික්කයේ ජනතාවට සේවය කිරීමට ඉඩක් ලබා නොදෙන්නේ නම් ඕනෑම අවස්ථාවක තනතුරක් අතහැරීමට සූදානම් බව විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා සඳහන් කරයි.

නායකයන් මේ සඳහා තීන්දුවක් නොගන්නේ නම් තනතුරු භාර දී නිවසට වී සිටින බවද පැවැසූ ඔහු ඊළඟ මැතිවරණය කුමක් වන්නේදැයි බලාගමු යැයිද පැවසීය.

තමන් මේ බව දන්වමින් නායකයන්ට ලියුම් දෙකක් ලියූ බවත් තවමත් ඒකට ප්‍රතිචාර නැති බවත් ඒ මහතා පැවසුවේය.

ආනමඩුව ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඔහු මේ බව කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad