යලිත් ලොක්ඩවුන් හෝ දැඩි සංචරණ සීමා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 24, 2021

යලිත් ලොක්ඩවුන් හෝ දැඩි සංචරණ සීමා!

කොරෝනා වෛරස් ව්‍යාප්තිය බරපතළ වීමක් සිදුවුවහොත් දෙසැම්බර් මස නැවතත් රට වසා දැමීමට හෝ සංචරණ සීමා පැනවීමට සිදුවූවොත් එය පුදුමයට කරුණක් නොවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

දැනට ආසාදිතයන් දෛනිකව හත්සීය ඉක්මවා වාර්තා වීම බරපතළ තත්ත්වයක් ඇතැයි ද ඒ මහතා පෙන්වා දෙයි.

එනිසා පවතින තත්වය සලකා බලමින් උත්සව සමයේ දැඩි නීති පනවන්නේ රට වසා දමනවා ද යන්න පිළිබඳව ඉදිරියේදී රජය තීරණය කරනු ඇතැයිද ඔහු පැවසීය.

මීට පෙර ද උත්සව කාලයේ රට විවෘතව තැබීමෙන් කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගිය බවත් ඔහු සඳහන් කරයි.

මෙහිදී රට නො වසා තබා ගැනීමට ජනතාව වගකීමෙන් සෞඛ්‍ය මාර්ගඋපදේශ වලට අනුගතව කටයුතු කිරීම ඉතාම වැදගත් බවද ඔහු තවදුරටත් පැවසීය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad