කතරගම පොහොට්ටු අයවැය තුන් වැනි පාරටත් පරදී! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 24, 2021

කතරගම පොහොට්ටු අයවැය තුන් වැනි පාරටත් පරදී!

පොදුජන පෙරමුණට බලය හිමි කතරගම ප්‍රාදේශීය සභාවේ වාර්ෂික අයවැය තෙවැනි වරටත් වැඩි ඡන්ද 10 කින් පරාජය වී ඇත. අද දින පැවති ඡන්ද විමසීමේ දී අයවැය ලේඛනයට පක්ෂව සභාපතිවරයාද ඇතුළුව ඡන්දය ලබා දී තිබුණේ තිදෙනකු පමණක් වන අතර විපක්ෂව ප්‍රාදේශීය සභා සභිකයින් 13න් දෙනෙකු ඡන්දය පාවිච්චි කර තිබිණ.

ඒ අනුව නොකඩවා තෙවැනි වරටත් කතරගම ප්‍රාදේශීය සභාවේ අයවැය වැය සම්මත කර ගැනීමට පොදුජන පෙරමුණු සභාපතිවරයා ප්‍රමුඛ පාලක පක්ෂයට හැකියාව ලැබුණේ නැත.

සිද්ධියත් සමඟ ප්‍රාදේශීය සභාවේ තරමක උණුසුම් තත්ත්වයක් මතු වූ අතර ඡන්දයෙන් අනතුරුව ප්‍රාදේශීය සභා පරිශ්‍රයෙන් ඉවතට ගිය සභාපතිවරයාට පක්ෂ විපක්ෂ ප්‍රාදේශීය සභා නියෝජිතවරුන්ගේ අප්‍රසාදය ද පළ කෙරිණ.


No comments:

Post a Comment

Post Bottom Ad