මොන බාධා දැම්මත් මහවිරු උත්සව උතුරේ පවත්වනවා… - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 25, 2021

මොන බාධා දැම්මත් මහවිරු උත්සව උතුරේ පවත්වනවා…

එළඹෙන 27 වැනිදා උතුරු පළාතේ බොහෝ ස්ථානවල මහවිරු සැමරුම් උත්සව පැවැත්වෙන බව දෙමළ ජනතා සන්ධානයේ ලේකම් හා උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්කේ සිවාජිලිංගම් මහතා පවසයි.

යුද්ධයෙන් මියගිය පිරිස සැමරීමට දෙමළ ජනතාවට අයිතිවාසිකම් හා යුතුකමක් ඇතැයිද ඒ මහතා පැවසීය.

පොලිසිය අධිකරණ නියෝග මඟින් මෙම සැමරුම් අවස්ථා අවලංගු කිරීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් මෙන්ම සදාචාරයට පටහැනි කටයුත්තක් බවද හෙතෙම සඳහන් කළේය.

නමුත් කුමන බාධක පැමිණියත් එළඹෙන 27 වන දා යුද්ධයෙන් මිය ගිය පිරිස් දවස පුරාම සැමරීම සඳහා විවිධ උත්සව පැවැත්වෙන බවත් ඔහු පැවසීය.

යාපනයේ දී මාධ්‍යවේදීන් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad