චිත‍්‍ර ඇදපු අය අපෙන් රස්සා ඉල්ලනවා.. සුරපුරයක් වගේ ස්විට්සරලන්ත පුරවැසිකම අතහැරියේ අපරාදෙ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 6, 2021

චිත‍්‍ර ඇදපු අය අපෙන් රස්සා ඉල්ලනවා.. සුරපුරයක් වගේ ස්විට්සරලන්ත පුරවැසිකම අතහැරියේ අපරාදෙ..

තමන් සුරපුරයක් වැනි ස්විට්සර්ලන්තය පුරවැසිකම අතහැර දැමීම අපරාධයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි. දැන් ගමට ආ විට පොහොර නෑ, වතුර නෑ කියා ජනතාව බනින බව ද ඇය පැවසීය.

2020 පාරවල් ටික පවා කිරීමට සිමෙන්ති පවා හිගයක් ඇතැයි ද ඇය සඳහන් කළාය.

කුමාරසිංහ මහත්මිය මෙසේද කීවාය.

දැන් ඔයාලාට තේ එකක් බොන්න සීනි නැතිවුණාම මහින්ද රාජපක්ෂ මහත්තයාටත් බනිනවා.බන්දුල ගුණවර්ධන මහත්තයාටත් බනිනවා.අන්තිමේදී අපිටත් බනිනවා.

‘2020 පාරවල් ටික කරලා නෑ තවම. මහ විසාල බර මුදලක් හැම ගමටම ලක්ෂ විස්සක පාරක්..හේතුව සිමෙන්ති නෑ.. මං නං අනේ හොඳම කට්ට කාපු එක්කෙනානෙ.

අර ස්විට්සර්ලන්තෙ වගේ සුරපුරයක් වගේ රටේ පුරවැසිකම අතඇරල දැම්මා. ගමට ආවම බැනුම් වතුර නෑ උඹ අපට වතුර දෙන් නැද්ද.. මොනව කරන්නද මම දුවනව හතර වටේ. කාට කියන්නද කාගෙ වරදද කියල දන්නෙ නෑ මම.

එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා ලස්සණට කිව්වා.. කෝ අර චිත්‍රෙ ඇඳපු ළමයි කෝ කියල කිව්වා..අනේ උන් ඇවිල්ල අපේ දෙපතුල ගාව වැඳ වැටිලා රස්සා දෙන්න කියල මොනකරම් ඉල්ලීම් කළාද.. කොහෙන් දෙන්නද. අනේ මගේ ගාමන්ට් ෆැක්ට්‍රීස් වලිනුත් බාගයක් වහලා.. නැත්නම් මං අඩුගානෙ උන්ව ඒවට දාගන්නවා.

දැන් නං හිතෙනවා ඒව ටික කරගත්තනං තව මොකක් හරි කරගන්නව කියලා.. අන්තිමට ඒවත් කරගන්න බැරිවුණා.

දැන් පොහෝර කතන්දරේ ආවා.මේ පොහෝර වැඩේනම් ජනතාව ලොකු කරදරේක දාපු කතන්දරයක්.අනේ කුරුදු ටික අනේ තේ ටික එහෙන් කුඹුරු ටික ගොවීන්ට කරගන්න විදිහක් නැහැ පොහෝර නැතිව.මේ එකක්වත් කරගන්න බැරිවෙද්දී මිනිස්සු ආණ්ඩුවට බණිනවා.

දැන් ඉන්දියාවෙන් පොහෝර ගෙන්වනවා විශාල මුදල් දිදී.හාල් අපනයනය කරනවා.අපිට හාල් අතිරික්තයක් තිබ්බා.මේ ගෙන්වන හාල් මොනවා දාලා හදලා ද කියලා කවුද දන්නේ.අපිට් මේ ගෙන්වන හාල් ෂුවර් නැහැනේ.කවුද දන්නේ මේ මොන හාල් ද කියලා

No comments:

Post a Comment

Post Bottom Ad