“පොදු පෙරමුණේ කට්ටියත් එළියට බහින්න.... කතා කළාට මෙයාලට ඇහෙන්නේ නෑ” – හරීන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 4, 2021

“පොදු පෙරමුණේ කට්ටියත් එළියට බහින්න.... කතා කළාට මෙයාලට ඇහෙන්නේ නෑ” – හරීන්

ලබන සදුදා ගම්පහ දිස්ත්‍රික්කයේ වෙරලාසන්න ප්‍රදේශවල ජනතාව සමග එක්ව දැවැන්ත විරෝධතාවක නිරත වන බව සමගි ජන බලවේගයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

පැලියගොඩ සිට කොච්චිකඩේ දක්වා වෙරළතීරය නාගරික සංවර්ධන අධිකාරියට පැරවීමේ තිරණයකට එරෙහිව මෙම විරෝධතාව පවත්වන බවයි විපක්ෂනායක කාර්යාලයේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදී හරින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ.

එමෙන්ම මේවන විටත් එම ඉඩම් විකුණා ඇති බව තමන් විශ්වාස කරන බවත් ආණ්ඩුව එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායට දමා ඇති පුද්ගලයා දක්වන අදහස් සහ ගරු සිරිල් ගාමිණී පියතුමන් පසුපස යාම මෙන්ම වැඩි වශයෙන් කතෝලිකයින් ජීවත් වන මෙම ප්‍රදේශ අත්පත් කර ගනිමින් මේ සුදානම් වන්නේ කුමකටද යන්න තේරුම් ගත හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනු ලැබුවා.


No comments:

Post a Comment

Post Bottom Ad