පාසැලට පැන්න පොහොට්ටු මන්ත‍්‍රී දෙමාපියන් එලවා දමති… ''හරක්ට බලේ දුන්නම ඔහොම තමයි වෙන්නෙ.'' - දෙමාපියන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 3, 2021

පාසැලට පැන්න පොහොට්ටු මන්ත‍්‍රී දෙමාපියන් එලවා දමති… ''හරක්ට බලේ දුන්නම ඔහොම තමයි වෙන්නෙ.'' - දෙමාපියන්

මාවනැල්ල මේඩෙරිගම විද්‍යාලයේ මව්පියන් පිරිසක් (03) ගුරුවරුන්ට සහාය දක්වමින් විරෝධතාවයක නිරත වු අවස්ථාවේ ඊට මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණේ උප සභාපති ඇතුලූ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුගේ බාධා කිරිමත් සමග එහි උණුසුම් තත්වයක් ඇති වු අතර පොලිසිය පැමිණ සිද්ධිය සමතයකට පත් කර තිබුණි.

ඒ අනුව එම විරෝධතාවය නැවති ගිය අතර උප සභාපතිවරයා විසින් දෙමාපියන් රැගෙන එන ලද විරෝධතා නාමපුවරු දෙමාපියන්ගෙන් ඉල්ලා ගෙන ඔවුන්ට පවසා සිටියේ රජය මෙවැනි අසීරුතාවයකට පත් වි ඇති අවස්ථාවක මෙවැනි විරෝධතා සිදු නොකරන ලෙසයි. කොරෝනා වසංගතය පැවැති අවස්ථාවේදි පවා ගුරුවරුන්ට රජය වැටුප් ගෙවන ලද බවත් එම පාසලේ සිටි සමහර ගුරුවරුන් විසින් සහෝදර ගුරුවරුන්ට ඔන්ලයින් ඉගැන්විමේ කටයුතු සිදු නොකරන ලෙස යවන ලද මැසෙජ් පවා උප සභාපතිවරයා අත ඇති බව පවසමින් ගුරුවරුන්ටද මෙහිදි චෝදනා නැගීය.

කෙසේ වෙතත් පාසලේ ගුරුවරුන් විසින් උප සභාපතිවරයාගේ තර්ජන මැද ඉදිරියේදි පාසලේ රාජකාරි කිරිමට නොහැකි බව පවසා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමියට ලිපියක් ලබා දිමද එම දිනයේදි සිදු කර ඇත.

කෙසේ වෙතත් මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ උප සභාපති කේ.ජී. පියතිස්ස මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.

මම මේ සිදු විමට මැදිහත් වුනේ මේ පාසල මම ප‍්‍රාථිමික අංශයේ සිට ගිය පාසල විම නිසා. ඒ වාගේම මාගේ ගමේ පාසල මේ විරෝධතාවයට පිට ප‍්‍රදේශවලින් කට්ටිය ගෙනත් උද්ඝෝෂණයක් කර නිසායි. හැබැයි අපේ ගමේ කොරෝනා රෝගීන් දැන් නැහැ දැන් හතරවන කොරෝනා රැල්ල හදන්න පිට ප‍්‍රදේශවලින් අය ගෙනත් විරෝධතා කරන්න මෙතන උත්සාහ කරනවා. ඒ නිසා අපේ ගමේ දිවි බේරා ගන්න අපි මේ සඳහා අනිවාර්යෙන්ම මැදිහත් විය යුතුයි. ඒ නිසා තමයි මම මැදිහත් වේලා මෙම උද්ඝෝෂණය නවත්වන්න තීරණය කලේ. අපි මේක වැරදියි කියලා දැන ගෙන තමයි නිසි මග යන්නේ. අපේ ආණ්ඩුවේ වැරදි තියෙන්න පුළුවන් අපි ආණ්ඩුව නිවැරදි කර ගන්නකම් මේ වාගේ වැරදි වැඩ කරන්න දෙන්න බැහැ අනික තමයි දේශපාලනයට වඩා මට වැදගත් මාගේ ගම සහ මාගේ පාසල යැයිද එතුමන් පැවසීය.

මෙහිදි පාසලේ දෙමාපියන් පැවසුයේ පාසලේ ඇති වු සිදු විම ගැන කණගාටුවට පත් වන බවයි. ඉදිරියේදි එවැනි සිදු විම් නොවන්නට වගකිව යුත්තන්ගේ අවදානය යොමු විය යුතු බව දෙමාපියන් පැවසුයේය.

– මාවනැල්ල සමන් විජය බණ්ඩාර

No comments:

Post a Comment

Post Bottom Ad