ආයුධ පෙන්වන්න ගිහින් තවත් මරණයක්! පොලිසිය ටින්කර් ලසන්තට වෙඩි තියයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 25, 2021

ආයුධ පෙන්වන්න ගිහින් තවත් මරණයක්! පොලිසිය ටින්කර් ලසන්තට වෙඩි තියයි!

මනුෂ්‍ය ඝාතන හා අපරාධ ගණනාවකට සම්බන්ධ බව කියන හේවා ලුනුගේ ලසන්ත නොහොත් ටින්කර් ලසන්ත නැමැත්තා කළුතර උතුර දියගමදී පොලිස් පහරින් මිය ගිය බව මිය ගිය බව පොලිසිය කියයි.

අපරාධ රැසකට සම්බන්ධ සන්සයින් සුදා නමැත්තා  දික්වැල්ලේ දී ඝාතනයේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ලසන්ත නමැත්තා මාතර ප්‍රදේශයේ පදිංචි කරුවකු වන අතර ඔහු මිනීමැරුම් ඇතුළු අපරාධ 13 සම්බන්ධ වූවකු බව පොලිසිය සඳහන් කරයි.

සැකකරු සන්සයින් සුද්දාට වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය කළුතර උතුර දියගම ප්‍රදේශයේ සඟවා තබා ඇති බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එය සොයා පොලිස් නිලධාරීන් සමඟ ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට අත්බෝම්බයක් දමා ගැනීමට කළ උත්සාහයේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කළ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

-mawratanews


No comments:

Post a Comment

Post Bottom Ad