ගෑස් මාෆියාව අපව බිත්තියට හේත්තු කළා… දවස් තුනක් ප්ලාන්ට් එක වහන්න වුණා…ගෑස් හිඟයක් ඇති වුණේ ඒකයි – ලිට්‍රෝ සභාපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 5, 2021

ගෑස් මාෆියාව අපව බිත්තියට හේත්තු කළා… දවස් තුනක් ප්ලාන්ට් එක වහන්න වුණා…ගෑස් හිඟයක් ඇති වුණේ ඒකයි – ලිට්‍රෝ සභාපති

ශ්‍රී ලංකාව තුළ වෙනත් දේවල්වල මාෆියාවන් ක්‍රියාත්මක වනවා සේම ගෑස් වෙළෙඳපොලේ ද ‘මාෆියාවක්’ ක්‍රියාත්මක වන බවත් එක කණ්ඩායමක් පමණක් ගෑස් වෙළෙඳපොල පාලනය කරමින් වෙනත් කිසිවකුට පැමිණීමට නොදෙන බවත් ‘ලිට්‍රෝ’ ගෑස් සමගාමේ සභාපති තෙෂාර ජයසිංහ පවසයි.

එම කණ්ඩායම පසුගිය වසර අවුරුදු 10 ක කාලය තුළ ගෑස් වෙළෙඳපොළේ වෙනත් කිසිවකුට ගෑස් විකිණීමට ඉඩ නොදුන් බව කී තෙෂාර ජයසිංහ, එම ඒකාධිකාරිය කවුරු හෝ වෙනස්කිරීමට උත්සහ කළ හොත් එම පුද්ගලයාට හෝ ඒ ආයතනයට එරෙහිව කටයුතු කිරීම ඔවුන්ගේ අභිලාශය බව ද සඳහන් කළේය.

එම කණ්ඩායමට පක්‍ෂය හෝ ආණ්ඩුව අදාල නොවන බවත් රාජ්‍ය ආයනයක් ලෙස ලිට්‍රෝ සමාගමට පවා වැඩ කිරීමට නොදෙන බවත් සභාපතිවරයා කීය.

ගෑස් නැව වරායට පැමිණ තිබුණට කොන්ත්‍රාත්තුව තව අවුරුදු දෙකකට දික්කරන්නේ නැත්නම් ගෑස් දෙන්න නැති බවට ඔවුන් තර්ජනය කළ බව කී සභාපතිවරයා වැඩි දුරටත් පැවසුවේ එම තත්ත්වය හමුවේ ප්ලාන්ට් එක වසාදැමීම නිසා පසුගිය මස 28 වැනිදා සිට මේ මස 1 වැනිදා දක්වා ගෑස් නිකුත් කිරීමට නොහැකි බවය.

තර්ජනය සමඟ ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සහ අධක්‍ෂ මණ්ඩලය බිත්තියට හේත්තු කිරීම නිසා ජනාධිපතිතුමාගේ උපදෙස් ලැබෙන තෙක් බලාසිටීමට සිදුවීමෙන් ගෑස් හිඟය ඇති වූ බවත් සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

‘ලිට්‍රෝ’ ගෑස් සමගාමේ සභාපති තෙෂාර ජයසිංහ ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය ඊයේ (5) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් එසේ පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad