තවත් ගෘහස්ත ගෑස් ටැංකියක් නිසා පිපිරීමක්! (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 25, 2021

තවත් ගෘහස්ත ගෑස් ටැංකියක් නිසා පිපිරීමක්! (video)

litro gas blast
හෝකන්දර ප්‍රදේශයේ අද (25) අලුයම 04ට තවත් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් පුපුරා ගියේය. කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු ප්‍රවීන ගණිත ගුරුවරයෙක් වූ දායරත්න හෙන්නායක මහතාගේ නිවසේ මෙම මුළුතැන් ගෙය තුළ මෙම විශාල පිපීරී යෑම සිදු වී තිබිණි.

ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයෙක් වූ ඔහු ගේ නිවසට මෙම පිපීරී යෑම නිසා දැඩි ලෙස හානි වී තිබිණි.

කිසිවෙකුටත් අනතුරක් සිදුවී තිබුණේ නැත. ගෑස් ප්‍රමිතිය වෙනස් කිරීමත් සමග ගෘහස්ථ ගෑස් සිලින්ඩරය බෝම්බයක් විය හැකි බව රටේ විශාල විද්වත් සංවාදයක් ඇති වී තිබෙද්දී ඊයේ ලිට්‍රෝ ගෑස් බලධාරීන් ප්‍රකාශයක් කළේ මෙම ප්‍රචාරණය වැරදි සහගත බවත් එය සිදුකරන්නේ රජය අපහසුතාවයට පත් කිරීමට බවත්ය.
පිපිරී ගිය මැක්ඩොනල්ඩ් අවන්හල, හික්කඩුවේ අවන්හල ඇතුළු සිද්ධි ගණනාවක් ගෑස් අනතුරු ලෙස පිට පිටම වාර්තා වූයේය.

පොලිසිය මේ වනවිට ස්ථානීය පරීක්ෂණ අරඹා ඇත.




No comments:

Post a Comment

Post Bottom Ad