කාබනික පොහොර වැඩේ ෆේල් වීම ලැජ්ජාවක්… - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 30, 2021

කාබනික පොහොර වැඩේ ෆේල් වීම ලැජ්ජාවක්…

කාබනික පොහොර වැනි උදාර සංකල්පයකින් ෆේල් වීම රටට ලැජ්ජාවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සඳහන් කරයි.
නමුත් එවන් උදාර සංකල්පයකින් ෆේල් වෙනවා නම් ඒ ෆේල් වන්නේ ආණ්ඩුව නොව රටත් රටේ මහජනතාවත් බව ඔහු පැවසීය.

රජය කාබනික පොහොර සංකල්පය හඳුන්වා දුන්නේ මනාප වූ ඉදිරි මැතිවරණ හෝ මනාප බලාගෙන නොවන බවත් හෙතෙම සඳහන් කළේය.

ඉදිරියේ දී මෙම සංකල්ප යථාර්ථයක් බවට පත් කිරීමට බලාපොරොත්තු වණ බවත් මන්ත්‍රීවරයා කියා සිටියි.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad