ව්‍යාපාරික මාෆියාවේ නම්ගම් එක්ක පී.බී. රහස් හෙළිකිරීම අරඹයි! දැන් ලියුම තියෙන්නේ ජනපති අතේ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 31, 2021

ව්‍යාපාරික මාෆියාවේ නම්ගම් එක්ක පී.බී. රහස් හෙළිකිරීම අරඹයි! දැන් ලියුම තියෙන්නේ ජනපති අතේ!

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇති සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි අතිශය සංවේදී රහස් රැසක් සඳහන් කොට ඇති බව දැනගන්නට තිබේ.

පිටු 04කින් සමන්විත මෙම ඉල්ලා අස්වීමේ ලිපියෙහි ආර්ථිකය සම්බන්ධ කරුණු කිසිවකට පසුගිය කාලයේ තමන් සහභාගි නොවුණු බවත්, ඒ කිසිවක වගකීම තමන්ට ගත නොහැකි බවත් පී.බී. ජයසුන්දර මහතා විසින් ජනාධිපතිවරයාට දැනුම්දී ඇති බව වාර්තා වේ.

එමෙන්ම මේ වන විට රට ඇතුළේ ක්‍රියාත්මක ව්‍යාපාරික මාෆියාවක් සම්බන්ධයෙන්ද අතිශය රහස් තොරතුරු රැසක් ජයසුන්දර මහතා විසින් මෙම ලිපිය හරහා ජනාධිපතිවරයාට දැනුම්දී ඇති බව සඳහන්වේ.

එහිදී ව්‍යාපාරිකයන් තිදෙනකුගේ නම්ගම් ඊට ඇතුළත් කිරීමටද ජයසුන්දර මහතා පියවර ගෙන ඇති බව පැවැසේ.

මීට අමතරව තමන්ට එරෙහිව චෝදනා නඟා ඇති මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් මෙම ලිපිය හරහා ජනාධිපතිවරයාට දැනුම්දීමටද ජයසුන්දර මහතා කටයුතු කොට ඇති බව දැනගන්නට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad