රටම අර්බූදයක තිබියදී ඇමැතිවරු රට සවාරි ගැසීම ගැන ඇමැති සුසිල් ‌කේන්තියෙන්! දැනුම කියෙන අය ළංකරගෙන නෑලු! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 19, 2021

රටම අර්බූදයක තිබියදී ඇමැතිවරු රට සවාරි ගැසීම ගැන ඇමැති සුසිල් ‌කේන්තියෙන්! දැනුම කියෙන අය ළංකරගෙන නෑලු!

රටේ අත්‍යාවශය භාණ්ඩ ආනයනය කිරීම සඳහා විදේශ විනිමය නොමැති පසුබිමක ඇතැම් අමාත්‍යවරුන් විදේශ ගතවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සිය අප්‍රසාදය පළ කළේය.

ඒ මහනුවර පැවැති උත්සව අවස්ථාවකට සහභාගී වීමෙන් අනතුරුවය.

” ඒ ඒ අයට විදේශ විනිමය ඇති. රටේ කිරිපිටිවලට, ගෑස්වලටයි, තෙල්වලටයි, බෙහෙත්වලටයි නැති උනාට ඒ අය බැංකු වලින් ගන්න ඇති එහෙම නැත්නම් සම්පාදනය කර ගන්න ක්‍රමයක් ඇති. නමුත් මම හිතන්නේ මේක දැන් නෙමේ කතා කරන්න තිබුණේ. මේ ආණ්ඩුව ස්ථාපනය කිරීමේදී මේ ගැන කතා කරන්න තිබ්බේ. ඒ විෂයන් පිලිබඳ දැනුම් තේරුම් තියෙන පිරිසක් ලංකර ගත්තා නම් අද මේ තියෙන තත්ත්වය එන්නේ නැහැ. ඒක පැහැදිලිවම පේනවානේ.. අපිත් අවුරුදු ගානක් ඇමතිකම් කළා.”

No comments:

Post a Comment

Post Bottom Ad