ඉන්ධන මිල වහා වැඩි කරන්නයි මහා භාණ්ඩාගාරය දැනුම් දේ… මිල ගණන් මෙන්න.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 19, 2021

ඉන්ධන මිල වහා වැඩි කරන්නයි මහා භාණ්ඩාගාරය දැනුම් දේ… මිල ගණන් මෙන්න..

කඩිනමින් ඉන්ධන මිල වැඩි කළ යුතු බවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දන්වා තිබේ. පසුගිය දෙසැම්බර් 10 වැනි දින ලිපියක් මගින් ඔහු දන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන ගෙන්වීමට ඩොලර් භාවිතා කළහොත් විදේශ විනිමය නොමැතිව රට විශාල අර්බුදයකට ලක් වනු ඇති බවයි.

ඒ අනුව පෙට්‍රල් රුපියල් 35ක්, ඩීසල් රුපියල් 24කින්, භූමිතෙල් රුපියල් 11කින් වහාම වැඩි කළ කර ඉන්ධන ඉල්ලුම පාලනය කිරීමට පියවර ගත යුතු බවද ඔහු පෙන්වා දී තිබේ.

කෙසේ නමුත් මෙම ලිපිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

මේ අතර ඉදිරි ඉන්ධන අවශ්‍යතාවය සඳහා ප්‍රමාණවත් ඉන්ධන ඇණවුම් කිරීම සඳහා ඩොලර් නිකුත් නොකිරීම නිසා ණයවර ලිපි නිකුත් කිරීම ද අතරමග නැවතී ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.
-lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad