බැසිල් ඇමරිකාවෙන් අගමැති ධූරයට! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 17, 2021

බැසිල් ඇමරිකාවෙන් අගමැති ධූරයට!

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාවේ සිට මීළඟට පැමිණෙන්නේ කෙළින්ම අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමට බවට රාවයක් පැතිර තිබේ. මේ සම්බන්ධයෙන් ආන්ඩුවේ ප්‍රබලයන් දෙදෙනෙකුගෙන් අප කළ විමසීමකදී
ඔවුන් එය ප්‍රතික්ෂේප කළේය.

කෙසේවුවද, වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2022 දී අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වන බවට පසුගිය කාලයේදී මාධ්‍ය වාර්තා පලව තිබිණි.

ඉකුත් මැයි මාසයේදී දරිද්‍රතාවය තුරන් කිරීමේ ජනපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස විදෙස්ගත වූ බැසිල් රාජපක්ෂ මහතා නැවත ලංකාවට පැමිණීමෙන් පසුව ඔහු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙමින් මුදල් අමාත්‍ය ධූරයට ද පත් විය.

කෙසේවුවද, මේවන විට පී.බී. ජයසුන්දර මහතා ආරක්ෂා කිරීමට බැසිල් මහතා ඉදිරිපත්වීම නිසා ජනපති ඇතුළු රාජපක්ෂ පවුලේ වැඩි දෙනෙකුගේ දෝෂාරෝපන එල්ලවී ඇතැයි ද වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad