යතුරුපැදිකරුවෙකු පොලිස් නිලධාරියෙක් පිටකොටුවේ පාර දිගේ ඇදගෙන යයි… - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 17, 2021

යතුරුපැදිකරුවෙකු පොලිස් නිලධාරියෙක් පිටකොටුවේ පාර දිගේ ඇදගෙන යයි…

රථවාහන කොට්ඨාස පොලිස් නිලධාරියෙකු යතුරුපැදියක එල්ලී ඇදීගෙන ගොස් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.මෙම සිදුවීම සිදුව ඇත්තේ පිටකොටුව ප‍්‍රධාන වීදියේ රාජකාරිය යෙදී සිටි පොලිස් නිලධාරියෙකුටයි.

රථවාහන නවතා තැබිය නොහැකි ස්ථානයක නවතා තිබූ යතුරු පැදියක් සම්බන්දෙන් විමසීමකදී එහි හිමිකරු එය පැනගන්න පණගන්වා පළා යාමට උත්සාහ දරා තිබේ.

එහිදී පොලිස් නිලධාරියා යතුරු පැදි එල්ලී ඇති අතර පොලිස් නිලධාරියා සමඟ මහමග ඇදගෙන යමින් පලායාමට උත්සාහ කර තිබේ.

නමුත් මීටර් හැත්තෑවක් පමණ දුර ගිය පසු යතුරුපැදිය තවත් ත්‍රීරෝද රථයක ගැටී පෙරළී ගොස් ඇත.

සිදුවීමෙන් පොලිස් නිලධාරියාට බරපතළ තුවාල සිදු වී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර කටයුතු සිදු කරමින් ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad