ලිත්‍රො ගෑස් සභාපති අතුරුදහන්.. ගෑස් සැපයීම අර්බුදයේ.. ඇමතිගෙන් කුණු බැණුම්.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 17, 2021

ලිත්‍රො ගෑස් සභාපති අතුරුදහන්.. ගෑස් සැපයීම අර්බුදයේ.. ඇමතිගෙන් කුණු බැණුම්..

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා සැඟවී සිටින බවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා චෝදනා කරයි.රජයේ ආයතනවල සභාපතිවරුන් එම ධුරයනට පත්කර ඇත්තේ අභියෝගයන්ට මුහුණ දීමට මිස පලා යාමට නොවන බවත් අමාත්‍යවරයා පැවසීය.

සභාපතිවරුන් ගැටලුවලට උත්තර නොදුන් විට චෝදනාව එන්නේ ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් බවත් ඔහු සඳහන් කළේය.

මාධ්‍ය ආයතන කිහිපයක් විසින්ම පවතින ගෑස් අර්බුදය සම්බන්ධයෙන් විමසීම සඳහා ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ෙතෂාර ජයසිංහ මහතා සම්බන්ධ කර ගැනීමට කළ උත්සාහයන් අසාර්ථකවීම හේතුවෙන් අමාත්‍යවරයා මෙසේද අදහස් පල කරන ලදී.

මේ අතර රටපුරා ප්‍රදේශ ගණනාවකම ගෑස් හිගයක් ගැන තොරතුරු වාර්තා වේ.

විශේෂයෙන්ම නගරාසන්න ප්‍රදේශවල ආපන ශාලාවන්හි ගෑස් සැපයුම අත්හිටුවීම අඩාල වීම හේතුවෙන් ඇතැම් ආපන ශාලා වසා දැමීමට ද කටයුතු කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad