‘එක රටක්-එක නීතියක්’ හොදටම කරන්න..- ගැටඹේ හිමි ඥාණසාර හිමිට කියති… - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 26, 2021

‘එක රටක්-එක නීතියක්’ හොදටම කරන්න..- ගැටඹේ හිමි ඥාණසාර හිමිට කියති…

බාදක හමුවේ පසු නොබැස “එක රටක් එක නීතියක්” ස්ථාපිත කිරීමේ වගකීම ඉෂ්ඨ කරන්න යැයි අනුශාසනා කරමින් ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල නා හිමියෝ “එක රටක් එක නීතියක්” ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු එම කාර්ය සාධක බලකායේ සාමාජික මහත්ම මහත්මීන්ට ආශීර්වාද කළහ.

“එක රටක් එක නීතියක්” ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඇතුළු එම කාර්ය සාධක බලකායේ සාමාජික මහත්ම මහත්මීන් ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයට පැමිණ කැප්පිටියාගොඩ සිරිවිමල නා හිමියන් බැහැ දකින ලදි.

වසර ගණනාවක් තුල රටේ ඇතිවූ ප්‍රශ්න අනාගත පරම්පරාව වෙත උරුම කිරීමට ඉඩ නොතැබිය යුතු බවත් ජනාධිපතිවරයා විසින් මෙම කාර්ය සාධක බලකායේ සභාපතිධුරය ලබා දීම ඉතාම කාලෝචිත බවත් ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල නා හිමියෝ වැඩිදුරටත් පැවසුහ.

– media unit

No comments:

Post a Comment

Post Bottom Ad