විදේශවල ඉගෙනගන්නා දරුවන් අමාරුවේ.. ඩොලර් යවන්න ඩොලර් නෑ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 1, 2022

විදේශවල ඉගෙනගන්නා දරුවන් අමාරුවේ.. ඩොලර් යවන්න ඩොලර් නෑ..

විදේශ රටවල අධ්‍යාපනය හදාරමින් සිටින දරුවන්ට අවශ්‍ය මුදල් යැවීමට නොහැකි වීමෙන් ඔවුන්ගේ මවුපියන් දැඩි අසීරුතාවයට පත්ව සිටිති. එමෙන්ම එම සිසුන් ද අධ්‍යාපන කටයුතුවලට යෙදවීමට මෙන්ම ජීවත් වීමට අවශ්‍ය මුදල් නැති වීම හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කළේය.

මෙරට දරුවන් ලක්ෂයකට අධික පිරිසක් මේ වන විට විදේශයන්හි අධ්‍යාපනය ලබන අතර ඔවුන්ට අවශ්‍ය පාඨමාලා ගාස්තුව හා ජීවන වියදම සඳහා මුදල් බහුතරයක් දෙමාපියන්ගේ මෙරටින් යන බවද ඔහු සඳහන් කළේය.

මේ වන විට මෙරට බැංකු වලින් ඩොලර් නොකිරීම නිසා දෙමාපියන් වැඩි අසහනකාරී තත්ත්වයට පත්ව සිටින බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad