අපිට සැකයි හමුදා පාලනයකට යන්න හදනවද කියලා! වහාම පාර්ලිමේන්තුව කැඳවන්න! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 6, 2022

අපිට සැකයි හමුදා පාලනයකට යන්න හදනවද කියලා! වහාම පාර්ලිමේන්තුව කැඳවන්න!

ආණ්ඩුව පාර්ලිමේන්තුව වසා දමා හමුදා පාලනයකට යාමට සැරසෙන්නේදැයි සැක මතුවන බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

මේ වනවිට ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පවරා දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පැවසූ ඒ මහතා දිනපතාම පාහේ පාර්ලිමේන්තුවට හෝ දැනුම් නොදී මුදල් මුද්‍රණය කරමින් සිටින බවද කීය.

එමනිසා වහාම පාර්ලිමේන්තුව රැස්කිරීමට පියවර ගන්නා ලෙස තම පක්ෂය ආණ්ඩුවට බල කරන බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

No comments:

Post a Comment

Post Bottom Ad