කරාපිටියේ දොස්තර ලෙසින් ප‍්‍රසිද්ධියට පත්ව සිටින තමන්ගේ වැඩ තහනම් කර ඇත්තේ කරාපිටිය කරල නිසා නොවන බව වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා පවසයි.
කරාපිටිය රෝහලේ රෝගීන්ට මුහුණදීමට සිදුව තිබෙන තත්වයන් ගැන අදහස් දැක්වීම නිසා වැඩ තහනම් කර ඇති බවත් රටේ ජනතාව බේරා ගැනීමට තමන් මෙම අදහස් දැක්වූ බව හෙතෙම සදහන් කරයි.
කරාපිටියේ කරල සදහා බියුරෝ වෙරිටාස් සහතිකය, අයි.ටී.අයි. සහතිකය ලැබී ඇති බවත් මැලේසියාවේ සහ ජපානයේදී මේ ගැන පරික්ෂණ කර ඇති බවත් ඔහු පැවසුවේය.
තමන්ට කිසිදු දේශපාලන සම්බන්ධයක් නොමැති බවත්, සියලුම දේශපාලන පක්ෂවල අය කරාපිටියේ කරල ලබාගෙන ඇති බවත් අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්චාවකදී ඔහු පැවසීය.

No comments:
Post a Comment