‘වැඩකරන අපේ විරුවා’ පෝලිම්වල අවභාවිතා කරන පිරිස් රහස් පොලිසියට? - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 7, 2022

‘වැඩකරන අපේ විරුවා’ පෝලිම්වල අවභාවිතා කරන පිරිස් රහස් පොලිසියට?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේ දී භාවිතා කළ ‘වැඩ කරන අපේ විරුවා’ තේමා ගීතය සමාජ ජාල ඔස්සේ අවභාවිතා කිරීම ගැන විමර්ශනය අරඹා ඇතැයි සමාජ ජාලවල වාර්තා පළ වේ.

එම ගීතය අවභාවිත කරන්නන් රහස් පොලිසියට ගෙන යන්නේදැයි මාධ්‍ය කල විමසීමකදී තමන් ඒ සම්බන්ධයෙන් දැනුවත් නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

‘වැඩ කරන අපේ විරුවා’ ගීතය මේ දිනවල සමාජ ජාල වල විවිධ ආකාරයෙන් භාවිතා කර අතර ඉන්ධන පෝලිම්වලද, මිරිහාන ප‍්‍රදේශයේ කිරිපිටි පෝලිමකද ඇතැමුන් එය වාදනය කරනු සමාජ ජාල ඔස්සේ හුවමාරු විය.


No comments:

Post a Comment

Post Bottom Ad