විනාශකාරී යුද නැවක් ත්‍රිකුණාමලයට එයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 13, 2022

විනාශකාරී යුද නැවක් ත්‍රිකුණාමලයට එයි!

USS Fitzgerald (DDG 62) නම් එක්සත් ජනපද නාවික හමුදාවට අයත් Arleigh Burke පන්තියේ විනාශකාරී (Destroyer) යුද නෞකාවක් ත්‍රිකුණාමලය වරායට සේන්දු වී ඇත. එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගත් බව නාවික හමුදාව පවසයි.

මීටර් 160 ක් දිග මෙම විනාශකාරී නෞකාවේ අණදෙන නිලධාරී ඩී. කැටරල් (D. J. Catteral) සහ එහි කාර්ය මණ්ඩලය 300 දෙනෙකුගෙන් සමන්විත වේ.

USS Fitzgerald (DDG 62) නෞකාවේ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට නාවික හමුදා දෙක අතර සුහදත්වය ප්‍රවර්ධනය කිරීමට සහ භාවිතයන් හුවමාරු කර ගැනීම සඳහා සහභාගී වීමට නියමිත බව පැවසේ.

නෞකාව මාර්තු 16 වැනිදා දිවයිනෙන් පිටත්වීමට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad