“මුළු රටම හරි මගට“ සමග මහා නායක හිමිවරුන් බැහැදැකීමට ශ්‍රී.ල.නි.ප.ය නෑ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 23, 2022

“මුළු රටම හරි මගට“ සමග මහා නායක හිමිවරුන් බැහැදැකීමට ශ්‍රී.ල.නි.ප.ය නෑ!

ආණ්ඩුවේ සෙසු පක්ෂ 11 විසින් ඉදිරිපත් කළ  මුළු රටම හරි මගට ජාතික වැඩපිළිළෙ මහා නායක හිමිවරුන් වෙත පිළිගැන්වීමට  සූදානම් කර ඇති අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගී නොවන බව වාර්තා වේ.

එම අවස්ථාවට තම පක්ෂයේ නියෝජිතයෙක් සහභාගී නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර  ප්‍රකාශ කර ඇත.

මහා නායක හිමිවරුවන් මුණගැසීම සඳහා  ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තුමන්ත්‍රී  විමල් වීරවංශ,  පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක  අමාත්‍ය වාසුදේව නානායක්කාර,  කොමියුනිස්ට් පක්ෂයේ වැඩබලන සභාපති වීරසුමන වීරසිංහ ඇතුළු සෙසු පක්ෂ නියෝජිතයෝ සහභාගී වෙති.


No comments:

Post a Comment

Post Bottom Ad