ගෝඨාගෙන් අලුත් කමිටුවක්! මහින්දටත් එන්න කියයි! සතියකට වරක් රැස්වෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 6, 2022

ගෝඨාගෙන් අලුත් කමිටුවක්! මහින්දටත් එන්න කියයි! සතියකට වරක් රැස්වෙයි!

ආර්ථික කළමනාකරණය හරහා මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ආර්ථික සභාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබ ඇත .
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම සභාවට අගමැති මහින්ද රාජපක්ෂ මහතාද ,ඇමැතිවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන , බැසිල් රාජපක්ෂ ,ජොන්ස්ටන් ප්‍රනාන්දු , මහින්දානන්ද අලුත්ගමගේ ,වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරු ද , මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් ,භාණ්ඩාගාර ලේකම් එස් ආර්.ආටිගල , මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර යන මහත්වරු ද ඇතුළත් වෙති .

මෙම ආර්ථික සභාව සෑම සතියකම රැස්වී සාකච්ඡා කිරීමට නියමිතය .

ගෝලීය ආර්ථිකයේ සිදුවන වෙනස්කම්වලට අනුව ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධීකරණය , අමාත්‍යංශ, දෙපාර්තමේන්තු ,ව්‍යවස්ථාපිත ආයතනවලට අදාල උපදෙස් ලබාදීම හා රජය වෙනුවෙන් මඟ පෙන්වීම මෙම ආර්ථික සභාවට පැවරී ඇත 

No comments:

Post a Comment

Post Bottom Ad