political discussion - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 10, 2022

political discussion

පවතින අර්බුදකාරී තත්වය පසුබිමෙහි රජයේ සහ විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ නියෝජනය වන ආකාරයේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමේ මූලික කරුණු පිළිබඳව මේ වන විට සාකච්ඡා වෙමින් පවතින අතර ලබන මාර්තු මස 23 වැනි දා පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සර්වපාක්ෂික සමුළුවෙන් පසු එහිදී ඉදිරිපත් වන යෝජනා ද සලකා බලා එහි ඉදිරිය පිළිබඳව පිළිබඳව කටයුතු කිරීමට සැලසුම් සකස් කරමින් පවතින බව එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

මෙම භාරකාර ආණ්ඩුව පවතින ආර්ථික අර්බුදය හමුවේ රටක් ලෙස ගත යුතු පොදු පියවර පිළිබඳව කටයුතු කිරීමට නියමිත අතර එවැනි රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් ද යම් යම් අදහස් යෝජනා ඉදිරිපත් ව ඇති බව එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේ ය .

මෙම පාලන ආකෘතිය සම්බන්ධයෙන් මේ වන විට රජයේ ඉහළ ස්ථර අතර එකගතාවයක් නිර්මාණය වී ඇතත් ඇතැම් අමාත්‍යවරුන් සහ රජයේ පසුපෙළ මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් වෙනස් මතයක සිටින බව ද දැනගන්නට ඇත.

කෙසේ වුවද මෙවැනි භාරකාර රජයක් පිහිටුවීම හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහි අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් පසුගියදා පළමු ප්‍රචාරයන්ට ප්‍රතිචාර දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබුණේ තමන් එවැනි කිසිදු සාකච්ඡාවකට සහභාගී නොවූ අතර ඒ පිළිබඳව යන ප්‍රචාර තමන් ප්‍රතික්ෂේප කරන බවයි.

මේ අතර ලංකාසර කළ විමසීමක දී දී රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුද සඳහන් කලේ තමන්ට මේ පිළිබඳව කිසිදු දෙයක් ප්‍රකාශ කළ නොහැකි බවයි .


No comments:

Post a Comment

Post Bottom Ad