බැසිල් ඇමෙරිකා පැන්නා කියපු ජෙට් එකෙන් ආ බිලියනපතියා හෙළිවෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 17, 2022

බැසිල් ඇමෙරිකා පැන්නා කියපු ජෙට් එකෙන් ආ බිලියනපතියා හෙළිවෙයි!

ඊයේ උදෑසන රත්මලානෙන් පිටත් වූ N750GF – ඩුබායි බලා පිටත් වූ ගුවන් යානය බ්‍රිතාන්‍ය ජාතික සහ එක්සත් රාජධානියේ කෝටිපතියෙකු වන ජෝර්ජ් ඩේවිස්ට අයත් බව වාර්තා වේ.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙම ගුවන් යානයෙන් කොළඹ සිට ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවට කටකතා පැතිර ගිය නමුත් මෙම පෞද්ගලික ගුවන් යානය පසුගිය මාසයේ විදේශිකයින් රැගෙන පැමිණි එකක් බව තහවුරු වී ඇත.

විස්තර වලට අනුව, N750GF යානය ඩේවිස් විදේශීය තරුණියන් තිදෙනෙකු රැගෙන මාර්තු 28 වන දින ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර කොස්ගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසක රැදී සිට ඇති බව වාර්තා වේ.

අප්‍රේල් 16 වන දින උදෑසන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත රත්මලාන ගුවන් තොටුපළෙන් පිටත් වී ඇත.

ඩේවිස් ඉංග්‍රීසි විලාසිතා නිර්මාණකරුවෙකු වන අතර ප්‍රමුඛ පෙළේ ඇඟලුම් සන්නාම කිහිපයක හිමිකරුවෙකි.


No comments:

Post a Comment

Post Bottom Ad