'මම රාජපක්ෂලට ණයත් නෑ... බයත් නෑ... රාජපක්ෂලගෙන් උදව් අරගෙනත් නෑ' – දිලිත් ජයවීර - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 14, 2022

'මම රාජපක්ෂලට ණයත් නෑ... බයත් නෑ... රාජපක්ෂලගෙන් උදව් අරගෙනත් නෑ' – දිලිත් ජයවීර

වර්තමාන ආර්ථික දේශපාලන අර්බුදයේ නිර්මාතෘ හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර බව දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර පවසයි.

ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමේ සිට ගෝඨාභය රාජපක්ෂ සමග සිටි තමා එම පත්වීමට දිගින් දිගට ම එරෙහි වූ බවත් හෙතෙම අවධාරණය කරයි.

සෙසු ව්‍යාපාරිකයින් මෙන් තමා කිසිදු ආකාරයකින් කිසිදු දේශපාලනඥයකුගේ සහයකින් දියුණු නොවූ බවත් සියල්ල දිනාගත්තේ තම නිර්මාණාත්මක චින්තනයෙන් බවත් දිලිත් ජයවීර පෙන්වා දෙයි.

තමා රාජපක්ෂලා ණයත් නැති බයත් නැති පුද්ගලයෙකු බව පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කිරීමෙන් පවා තමා කිසිදු පෞද්ගලික ප්‍රතිලාභයක් බලාරොත්තු නොවූ නිසා යැයි ද හෙතෙම ප්‍රකාශ කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad