“ඉන්ධන ප්‍රවාහනයට වහාම නව සැපයුම්කරුවන් ලියාපදිංචිය ආරම්භ කරන ලෙසත්, රාජකාරියට වාර්තා නොකරන සැපයුම්කරුවන්ගේ ලියාපදිංචිය අවලංගු කරන ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම වෙත උපදෙස් දෙන ලදී”
පෞද්ගලික ඉන්ධන බවුසර් සංගමය විසින් දියත් කරන ලද වැඩවර්ජනයට පිළිතුරු දෙමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිනුමෙන් නිවේදනය කළේය.
“දුම්රිය, රජයට අයත් බවුසර්, ඉන්ධන පිරවුම්හල්වලට අයත් බවුසර් සහ වර්ජනයේ නොයෙදෙන පෞද්ගලික කුලියට ගත් බවුසර් මගින් බෙදා හැරීමේ සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ඇමතිවරයාට අනුව අද සවස 4 වනවිට බෙදා හැරීම සඳහා භාවිතා කරන ලද මුළු බවුසර් ගණන 381 කි. රජය සතු බවුසර් 84ක්, ඉන්ධන පිරවුම්හල් සතු බවුසර් 103ක් සහ වර්ජනයට එක් නොවුන කුලී බවුසර් 194ක් ඒ අතර තිබුණු බව ඔහු කියයි. ප්‍රමාණවත් ඔටෝ ඩීසල්, සුපර් ඩීසල්, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ භූමිතෙල් ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කළ තොගයේ ඇති බවත් ඔක්ටේන් 95 පෙට්‍රල් සීමාකර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසයි.
No comments:
Post a Comment