භාරකාර ආණ්ඩුවේ ප්‍රධානියා වෙන්න මන් කැමතියි...අවුරුදු එකහමාරෙන් ආර්ථිකය ගොඩදානවා... රාජපක්ෂලා යන්න ඕනේ – රනිල් කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 17, 2022

භාරකාර ආණ්ඩුවේ ප්‍රධානියා වෙන්න මන් කැමතියි...අවුරුදු එකහමාරෙන් ආර්ථිකය ගොඩදානවා... රාජපක්ෂලා යන්න ඕනේ – රනිල් කියයි

භාරකාර ආණ්ඩුවක ප්‍රධානියා වීමට තමන් කැමති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ  (17) පෙරවරුවේ ප්‍රවාහන සංගම් නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවක දී සඳහන් කර තිබෙනවා.

තරුණ තරුණියන්ගේ ඉල්ලීම්වලට ඉඩ දෙමින් සියල්ලන් ඉවත්විය යුතු බවත් ජනතාවගේ ඉල්ලීමක් ඇත්නම් භාරකාර ආණ්ඩුවකට කෙටි කාලයකට නායකත්වය දීමට තමන් සූදානම් බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බවයි එම සාකච්ඡාවට සහභාගී වූ පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේය.

වත්මන් ආර්ථික අ’ර්බුදයට වසර එකහමාරක් තුළ විසඳුමක් ලබා දිය හැකි බවයි හිටපු අගමැතිවරයා සඳහන් කර ඇත්තේ.

No comments:

Post a Comment

Post Bottom Ad