ඒ විකිරණශීලී ද්‍රව්‍ය ප්‍රති අපනයක්... STF ආරක්ෂාව දුන් බහාලුම ගැන හෙළිදරව්වක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 5, 2022

ඒ විකිරණශීලී ද්‍රව්‍ය ප්‍රති අපනයක්... STF ආරක්ෂාව දුන් බහාලුම ගැන හෙළිදරව්වක්!

මේ වනවිට සමාජ මාධ්‍ය කළඹමින් සංසරණයවන ජයබලහළු පර්යන්තයේ විශේෂ හමුදා ආරක්ෂාව යටතේ අපනයනය කරන බහාලුම් සහිත වීඩියෝව පරමාණුක බලශක්ති නියාමන සභාවේ අනුමැතිය යටතේ විකිරණශීලී ද්‍රව්‍ය ප්‍රති අපනයනය කිරීමක් බවත් අසත්‍ය ප්‍රවෘත්තිවලට නොරැවටෙන ලෙසත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සිය නිල වෙබ් අඩවියෙන් නිවේදනය කරයි.

එම නිවේදනයේ මෙසේ දැක්වේ.

කොළඹ වරායේ ජය බහාලූම් පර්යන්තයේ සිදු වූ බහාලුම් මෙහෙයුමක් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ඇතුළත් වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.

වීඩියෝ පටයේ ඇතුළත් බහාලුම් මෙහෙයුම ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අනුමැතිය ඇතිව බැහැර කිරීම සඳහා විකිරණශීලී ද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කිරීමකි.

එවැනි මෙහෙයුමක් සිදු කරන විට විශේෂ කාර්ය බළකාය යෙදවීම නිල ප්‍රොටෝකෝලයේ කොටසකි.

එබැවින් වගකීම් විරහිත මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් විසින් පතුරවන අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන්නැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.


No comments:

Post a Comment

Post Bottom Ad