there is no need for president to resign minister johnston - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 4, 2022

there is no need for president to resign minister johnston

ශ්‍රී ලංකාවේ මිලියන 6.9 ක ජනතාවගේ සහය තවමත් පවතින බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවක් නොමැති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවක් නොමැති බව ප්‍රකාශ කළ අමාත්‍ය ප්‍රනාන්දු කියා සිටියේ ජනාධිපතිවරයා තවමත් ජනවරම දරන බව තමන් විශ්වාස කරන බවයි.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා සිටියේ ජනාධිපතිවරයාට තවමත් ජනතා සහය පවතින බව ඔප්පු කිරීමට මැතිවරණයක් පැවැත්විය යුතු බවයි.

මේ වන විට ක්‍රියාත්මක වන මහජන විරෝධතා සුළු විරෝධතා බව පැවසූ අමාත්‍යවරයා කෙසේ වෙතත් ජනතාව අර්බුදයකට මුහුණ දී සිටින බව තමන් පිළිගන්නා බවද පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad