පිරවුම්හලේ ඉන්ධන ඉවර වුනැයි පිරවුම්හල් හිමිකරුගේ නිවසට ගිනි තියයි… - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, May 21, 2022

පිරවුම්හලේ ඉන්ධන ඉවර වුනැයි පිරවුම්හල් හිමිකරුගේ නිවසට ගිනි තියයි…

ඉන්ධන පිරවුම්හල් හිමිකරුවකු පදිංචි නිවසට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කර ඇත.
කැකිරාව ඉපලෝගම රණජයපුර ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ හිමිකරුගෙන් නිවසට මෙසේ ගිනි තබා ඇතැයි ඉපලෝගම පොලීසිය සඳහන් කරයි.

ඉන්ධන ලබාගැනීම සඳහා ඊයේ රාත්‍රී විශාල පිරිසක් රෝහලට පැමිණ තිබූ අතර එහි ඉන්ධන අවසන්වීම හේතුවෙන් පෝලිමේ සිටි ඇතැමුන්ට ඉන්ධන ලබා ගැනීමට නොහැකිව ඇත.

ඉන් කෝපයට පත් පිරිසක් පිරවුම්හල් හිමියාගේ නිවසට මෙසේ ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

රාත්‍රී විදුලි කප්පාදු කල අවස්ථාවේ මෙම ගිනි තැබීම සිදු කර ඇති අතර ඒ අවස්ථාවේ ඉන්ධන පිරවුම්හලේ හිමිකරුගේ බිරිඳ සහ එම දරුවන් දෙදෙනා නිවසේ සිට ඇත.

ගම්වැසියන් හා පොලිස් නිලධාරීන් එක්ව ගින්න නිවා දමා නිවසියන් ජීවිත බේරා ගැනීමට කටයුතු කර තිබේ.

ගින්න හේතුවෙන් පාසල් දරුවන්ගේ පොත්පත්ද මුළුමනින්ම විනාශ වී ඇති අතර ඉන් එක් දරුවෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත අයෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad