ලංකාවේ දමිළ ජන සංහාරයක් සිදුවෙලා! කැනඩා පාර්ලිමේන්තුවේ ලංකාවට එරෙහි යෝජනාවක් සම්මත වෙයි! ජී.එල්. දැඩි විරෝධය පළකරයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, May 22, 2022

ලංකාවේ දමිළ ජන සංහාරයක් සිදුවෙලා! කැනඩා පාර්ලිමේන්තුවේ ලංකාවට එරෙහි යෝජනාවක් සම්මත වෙයි! ජී.එල්. දැඩි විරෝධය පළකරයි!

ශ්‍රී ලංකාවේ දමිළ ජන සංහාරයක් සිදු වූ බව සඳහන් යෝජනාවක් කැනේඩියානු පාර්ලිමේන්තුවේ දී ඉකුත් 18 වැනිදා සම්මත කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය සහ කනස්සල්ල පළ කරන බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

මෙම යෝජනාවේ අන්තර්ගත සාවද්‍ය තොරතුරු තරයේ ප්‍රතික්ෂේප කරන බව කී විදේශ අමාත්‍යවරයා, එහි අන්තර්ගතය හා කැනේඩියානු රජයේ ස්ථාවරය වන ශ්‍රී ලංකාව තුළ ජන සංහාරයක් සිදු වූ බවට, කිසිවක් අනාවරණය වී නැතැයි ද සඳහන් කළේය.

අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ කැනේඩියානු වැඩ බලන මහ කොමසාරිස් ඇමැන්ඩා ස්ට්‍රෝහන් මහත්මිය සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති හමුවකදීය.

නිශ්චිත නෛතික අර්ථ සහිත එවැනි තාක්ෂණික යෙදුම් ප්‍රවේශමෙන් සහ වගකීමෙන් යුතුව භාවිත කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් අමාත්‍යවරයා කැනේඩියානු රජයේ ඕනෑම ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු එය අනුමත කිරීම හේතුවෙන් මතුවන අන්තරායන් පිළිබඳව ද සඳහන් කළේය.

එම යෝජනාවේ ඇති සාවද්‍ය සහ අගතිගාමී ස්වභාවය මෙන්ම එවැනි හැසිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව පොදු සන්දර්භය තුළ ජනිත වන නිෂේධාත්මක අදහස් පිළිබඳව සඳහන් කළ විදේශ කටයුතු අමාත්‍යවරයා, එම යෝජනාවේ අඩංගු වැරදි නිවැරදි කිරීමට සුදුසු පියවර ගන්නා ලෙස කැනේඩියානු රජයෙන් ඉල්ලීමක් ද කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad