රනිල් හොද නැතිනම් විශ්වාස භංගයකින් එලවා දමනවා - SM චන්ද්‍රසේන - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, May 15, 2022

රනිල් හොද නැතිනම් විශ්වාස භංගයකින් එලවා දමනවා - SM චන්ද්‍රසේන

නව අග්‍රාමාත්‍යවරයාට ආණ්ඩුවේ බහුතර බලය පැහැදිලිවම ඇති බව හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

ආණ්ඩුවේ ස්වාධීන වූ දහ දෙනා ආණ්ඩුවට සහයෝගය ලබාදෙන බව පැවසූ ඔහු සහයෝගය ලබාගැනීම සඳහා සෙසු ස්වාධීන පිරිස් සමඟ සාකච්ඡා කරන බවද පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාට ද මාස දෙක තුනක් කාලයක් ගබා දී ඉන් අනතුරුව ඔහු හොඳ නැත්නම් විශ්වාසභංගයක් මඟින් එලවා දැමිය හැකි බවත් කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහ මහතා පවතින තත්ත්වයට හොඳම විකල්පය දැයි ඉදිරි මාස දෙක තුන තුළදී තේරුම් ගත හැකි වනු ඇතැයි ද ඔහු තවදුරටත් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad