'උප අගමැතිවරයකු පත් කිරීම ගැන කිසිම අවධානයක් නෑ' - ඇමැති අලි සබ්රි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 31, 2020

'උප අගමැතිවරයකු පත් කිරීම ගැන කිසිම අවධානයක් නෑ' - ඇමැති අලි සබ්රි



දහනව වැනි සංශෝධනය ඉවත් කිරීම හා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම මිස උප අගමැතිවරයකු පත් කිරීම ගැන අවධානයක් යොමුකර නැතැයි අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

උප අගමැතිවරයකු පත් කිරීම ගැන කිසිම යෝජනාවක් හෝ ඉදිරිපත් වී නැති බව ද හෙතෙම කියා සිටී.

අධිකරණ ඇමැතිවරයා මේ කරුණු අනාවරණය කළේ මල්වතු හා අස්ගිරි නාහිමිවරුන් බැහැ දැකීම සඳහා මහනුවරට පැමිණි අවස්ථාවේදීය.

සියලූ ජාතීන් වෙනුවෙන් ක‍්‍රියාත්මක වන පොදු නීති පද්ධතියක් ඇති කරන බවද මෙහිදී ඇමැතිවරයා අවධාරණය කළේය.

සිරිල් විමලසුරේන්‍ද්‍ර -Divaina

No comments:

Post a Comment

Post Bottom Ad