රන්ජන් නිදහස් කිරීමට රනිල් සූදානම්! අවශ්‍යතා ගැනත් සොයා බලයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 2, 2022

රන්ජන් නිදහස් කිරීමට රනිල් සූදානම්! අවශ්‍යතා ගැනත් සොයා බලයි!

රන්ජන් රාමනායකට නිදහස ලබාදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයාබලන්න යැයි අගමැති රනිල් වික්‍රමසිංහ විසින් උපදෙස් දී තිබේ.

අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායකට සහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකට අගමැතිවරයා මේ බව දැනුම් දී ඇත.

පෙරේදා (01) සාගල රත්නායක වැලිකඩ බන්ධනාගාරයට ගොස් රන්ජන් රාමනායක හමුවී ඇත. තමන් මේ දිනවල උපාධියට සූදානම් වනබැවින් ලබා දී තිබූ ලැප්ටොප් යන්ත්‍රය නැවත බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන ගිය බවත් රන්ජන් රාමනායක අග්‍රාමාත්‍ය ලේකම්වරයාට සහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානිට දැනුම් දී ඇත. එම ගැටලුව සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් සමඟ සාකච්ඡා කළ විට බන්ධනාගාරය විසින් අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම් රන්ජන් රාමනායකට ලබාදෙන බව ද දැනුම් දී ඇත.
 


No comments:

Post a Comment

Post Bottom Ad