රටට ආර්ථිකට මා කල සේවයට ඇගයීමක් නෑ... මං අස්වෙනවා - බැසිල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 8, 2022

රටට ආර්ථිකට මා කල සේවයට ඇගයීමක් නෑ... මං අස්වෙනවා - බැසිල්

තමන් විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත්, රට සහ ආර්ථිකයටත් ඉටුකළ සේවය ඇතැම් පිරිස්වල කිසිදු අගය කිරීමකට ලක් වී නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත.

ඒ අනුව තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවද ඔහු තම සමීපතම හිතවතුන් පිරිසකට සඳහන් කර ඇත.

මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ තීරණය මේ සතියේ දී පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට යොමු කරන බවද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

මේ අතර හෙට පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී බැසිල් රාජපක්ෂ මහතා සහභාගී වන ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා ඇත.

එහිදී තම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්‍ෂ මහතා අදහස් දැක්වීමට නියමිතව තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad