මන්ත්‍රී පුටුව ලැබෙනවයි කී සැණින් ධම්මික පෙරේරාට වාසි ගොඩයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 9, 2022

මන්ත්‍රී පුටුව ලැබෙනවයි කී සැණින් ධම්මික පෙරේරාට වාසි ගොඩයි!

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසට පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිත බවට වාර්තා වීඹත් සමග මෙරට ධනවත් ම ව්‍යාපාරිකයා ලෙස සැලකෙන ධම්මික පෙරේරා මහතා සතු ආයතන සියල්ලේ ම කොටස් මිලෙහි ශීඝ්‍ර වර්ධනයක් ඊයේ (09) පෙන්නුම් කළා.

ඒ අනුව, ධම්මික පෙරේරා මහතා ප්‍රධාන කොටස් හිමිකාරිත්වය දරන වැලිබල් වන් සමාගමේ කොටස් මිල 20%කින් ද වැලිබල් ෆිනෑන්ස් සමාගමේ කොටස් මිල 15.97%කින් ද රෝයල් සෙරමික් සමාගමේ කොටස් මිල 10.49%කින් ද ඇලුමෙක්ස් සමාගමේ කොටස් මිල සියයට 9.68%කින් ද හෙලීස් ලෙෂර් සමාගමේ කොටස් මිල 7.24%කින් සහ හේලීස් පී.එල්.සී. සමාගමේ කොටස් මිල 6.64%ක් දක්වා ද වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

කෙසේ වුව ද කොළඹ කොටස් වෙළෙඳ පළේ මිල දර්ශකවල කැපී පෙනෙන වර්ධනයක් ඊයේ වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ඊයේ දින ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 7881.13ක් ලෙසත්, එය එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශක අගය ඒකක 2567.74ක් ලෙසත් කොටස් පෙන්නුම් කළ අතර සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 108.44ක් යන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකයේ ඒකක 38.65ක වර්ධනයක් ද වාර්තා වුණා.

එම වර්ධනය පිළිවෙළින් පෙර දිනට සාපේක්ෂව 1.40%ක් සහ 1.53%ක පැවතියා.

-asianmirror


No comments:

Post a Comment

Post Bottom Ad