මහින්දගේ හොර වැඩක් කැබිනට් මාධ්‍ය හමුවේදී පනියි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 7, 2022

මහින්දගේ හොර වැඩක් කැබිනට් මාධ්‍ය හමුවේදී පනියි!

මේ වනවිට කිසිදු ඇමති ධුරයක් නොදරන මහින්ද රාජපක්ෂ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියෙකු ලෙස සහභාගී වන බව අනාවරණය වේ.

මේ බව ඊයේ (07) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ඇමතිවරයා හෙලිකරණු ලැබීය.

මෙම මාධ්‍ය හමුව ආරම්භයේදීම “අතිගරු ජනාධිපති ගෝටාබය රාජපක්ෂ මැතිතුමා, ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය රැස්වුනා…” යනුවෙන් සඳහන් කරනු ලැබීය.

එහෙත් පසුගිය 09 වෙනි දින අරලියගහ මන්දිරයේ සිට මැරයන් මෙහෙයවා මයිනා ගෝ ගම සහ ගෝටා ගෝ ගම සාමකාමී උද්ඝෝෂණයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව අගමැති ධුරයෙන් මහින්ද රාජපක්ෂ ඉල්ලා අස් වූ බව නිවේදනය කරනු ලැබීය.

-lankatruth


No comments:

Post a Comment

Post Bottom Ad